butten

banner image

teligram channel

banner image

හානා හීය පානා අඩහැරෙන්දැනේ

 උදාහරණ ගෙන හැර පාමින් අපූරු ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න.



අපූරු ආකාරයට උපදේශ ලබාදීමට ඇති හැකියාව හානා හීය අධ්‍යනය කිරීමෙන්ය පෙනේ.නොවියත් හුදී ජනයා නොයෙක් අත්දැකීම් ඇසුරෙන් රම අත්දැකීම් තුළින් හරවත් ඔවදන් රැසක් ලබාදීමට සමත් වී ඇත. මෙම පද්‍ය එක් පිරිසකට එක් කාලයකට වෙන්කොට දැක්විය නොහැක. පොදු මහත් සමාජයටම වැදගත් උපදේශ රාශියක් ලබාදී ඇත.

                  ගසට කෙටුම ගස මුල පෑයුමෙන්      දැනේ

                    මිනිහා නොමිනිහා යන කඩිසරෙන්  දැනේ

                    අමුතු බත් දීම අත ඇල්ලුමෙන්         දැනේ

                    හානාහීය පානා අඩහැරෙන්              දැනේ

              මෙම පදය පන්තියෙන් එක් උපදේශයක් නොව උපදෙස් මාලාවක් ලබාදෙයි.අතීතයේ දී ගසක් කපන විට එම ගස වටේ සුදුධ පවිත්‍ර කර ගත යුතුය.නැතිනම් පොරොව ඔසවා ගසට කොටන විට අවට ඇති ගස්වල පැටලී එය ආපසු කැරකී තමාගේ ඇගේ වැදෙනු ඇත.ඒ පිළිබද පළමු පද පේළියෙන් පැහැදිලි වේ.ඒ අනුව යම් වැඩක් කරන විට එයට සූදානම් වීමෙන් එම පුද්ගලයා පිළිබද දැනගත හැකි බව ජන කවියා පවසා ඇත.

              යමෙක් ගමන් කරන විලාශයෙන් ඔහුගේ සමාජ තත්වය තේරුම් ගත හැකි බව ජන කවියා සමාජයට මේ පද්‍ය පන්තිය තුළින් මනා උපදේශයක් ලබි දී ඇත.යමෙක් නිවසට පැමිණි විට ආහාර දීමට අකමැති නම් අමුත්තාගේ වැලමිටෙන් අල්ලා කෑමට අඩ ගසයි.ඒ තුළින් අකමැති බව වටහා ගෙන ඒ අනුව ක්‍රියා කළ හැක.

              ගොවිතැන් කරන ගොවියා තම වෙහෙස නිවා ගැනීමට තාලයට අඩහැර පායි. නමුදු ආධුනික ගොවියාට හැක්කේ ගවයාම තැලීම පමණි. අඩහැරයක හඩ කුඹුරකින් ඇසේ නම් පළපුරුදු ගොවියන් සීසාන බව වටහා ගත හැකිය.

              නහින දෙහින කාලෙට පින් කෙරුම   යුත

                වහින කලට කූරින් විල් වලින්            එත

                බහින දියෙන් දෝතක් මුත් ගතොත්   ඇත

                පනින රිලවුන්ට ඉනිමං කමක්           නැත

                                                                                                                         බුදු දහමට අනුව වයස්ගත වීමත් සමග සන්සුන් දිවි පැවැත්මත් ගත කළ යුතුයයන අවවාදය මේ පද්‍ය පන්තිය තුළින් ලබාදේ.අධි වැසි කාලයට ජලාශ උතුරා යද්දී මාළුවන් විල්වලින් එළියට විත් තෙත් බිම් කරා ගමන් කරනවිට ඔවුන් විවිධ කරදරවලට මුහුණ පායි.මෙය බාල පරපුරට දුන් අවවාදයකි.බැස යන දියෙන් ප්‍රයෝජන නොගෙන මුහුදට ගලා යාම වළක්වා එම දියෙන් දෝතක් මුත් ගෙන ප්‍රෙයා්ජනයට ගන්නා පණිවුඩය ලබාදෙයි.

            මෙවන් උපදේශ රාශියක් මෙම පද්‍ය පන්තිය තුළින් අපට ලබාගත හැක.

හානා හීය පානා අඩහැරෙන්දැනේ හානා හීය පානා අඩහැරෙන්දැනේ Reviewed by @edu pro on March 01, 2022 Rating: 5
Powered by Blogger.