බැද්දේගම
‘අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා.යැයි නැංචෝ හාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ අයුරු උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
සාහිත්‍යය විෂය තුළ නවකතාව සැලකෙන්නේ
ගද්‍ය කාව්‍ය විශේෂයක් ලෙසිනි. එබැවින් පාඨකයා චමත්කාරයට හා ආනන්දයට පත් කරවා අවසානයේ
පාඨකයාට යම් ප්‍රඥාවක් ලබා දීමේ පරමාර්ථය නවකතාකරු තුළ පවතී. නවකතාව හුදු කල්පිතයක්
වූවද රචනා වූවාට පසු අපට පෙනෙන්නේ සත්‍යයක් ලෙසිනි.නවකතාකරු නවකතාව තුළ චරිත, සංවාද, සිද්ධි තුළින් පාඨක සිත්හි යම් චිත්‍රනයක් මැවීමට සමත්ය.
බැද්දේගම
නවකතාව පිළිබද අධ්‍යයනය කිරීමේදී නවකතාකරු බැද්දේගම ගමට උදාවූ ඛේදවාචකය විස්තර කිරීමේදී
එහි ඇති චරිත තුළින් පාඨක සිත්හි යම් කතාන්දරයක් මවා පෑමට සමත් වී ඇත. නැංචෝ හාමි මෙම
කතාව තුළ ආරච්චිගේ බිරිද ලෙස හදුනාගනී. ඇය පැවසූ මෙම ප්‍රකාශය සත්‍ය බවත් ගම විනාශය
කරා ළගාවෙන බවත් නොයෙක් විට පාඨකයාට දැනවීමට නවකතාකරු උක්සාහ කර ඇත. උදාහරණ ලෙස ,
"
එය
කුඩා ගමකි,ක්‍රමයෙන් පිරීහි ගොස් අවටින් තෙරපා ගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා
ගම් වලින් එකකි. එක පහරකට එක දවසකින් එක දවසකින් එහි තිබූ ගෙවල් 6න්
එකක් නැතිවිය. විසිපස් දෙනෙක් වූ පිරිසෙන් හත්දෙනෙක් නැතිවූහ. " යන්න ගත හැකිය.
සිලිදුගේ
අතින් ප්‍රනාන්දු මුදලාලිත් ආරච්චිලත් මරණයට පත් වී ඇත.එම නඩුව අවසන් වී මසක් පමණ ගතවී ඇත. මැරුණු පිරිස නැසත පැමිණෙන්නේ නැත.සිලිදු ද
නැවත පැමිණෙන්නේ නැත.සති කිහිපයකින් පසු ප්‍රනාන්දුගේ හා ආරච්චිගේ නිවස පාළුවට ගොස්
ඇත. දැනට ඉතිරිවඇත්තේ ගෙවල් හයෙන් පහකි. මින්සුන් 25න් 16කි.
බැද්දේගම ගමට කණකොකා හැඩුවා බදු විය. ටිකෙන් ටික නැංචොහාමිගේ ප්‍රකාශය සත්‍ය වන බව
මේතුළින් පැහැදිලි වේ.
“ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැදට
කඩා පැනීමක් මෙන් විය. ටිකෙන් ටික ගමට හාත්පසින්ම ගම කුඩා වීම පමණක් මින් පෙර සිදුවිය.
එහෙත් ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීමෙන් වූයේ ගම දෙකට බෙදීයාමයි.
ගම
මැදට කැලය කඩා පැනීම ගමේ විනාශය කඩිනම් වීමට සංකේතයක් බදු විය.ආරච්චිගේ ඉඩමද ගෙයද යට
කරගෙන කඩා පැන්න වනය සිලිදුගේ ගෙයත් තවත් එක් ගෙයකුත් ගමෙන් වෙන් කරයි. මෙසේ ගම බෙදී යාම දැකීමෙන් පුංචි මැණිකාට ද නැංචෝහාමිගේ
කියමන සත්‍ය බව වැටහී යයි.
ගමේ
භාරකරුගේ වියෝවම ගම දෙදරා යාමට හේතු විය. ගමේම තිබු හොදම ගෙය මෙලෙස කැළයට යාම හා එහි
ඇතිවූ ශබ්ද හා ගම්මු අතර පැවතුණු කටකතා හේතුවෙන් ගමේ ජීවත් වූ මිනිසුන් ගෙය අසලකටවත්
ගියේ නැත. ආරච්චිගේ බිරිද දරු දෙදෙනා සමග ගමෙන් පිටමං විය. ඇය යාමට පෙර පැවසූයේ “මේ
ගම කාලකන්නි ගමක් බවයි.
ඇගේ ප්‍රකාශය ගම්මුන්ට වැටහෙන්නේ දැන්ය.
“කෙසේ වෙතත් ගම විනාශ මුඛයට යන හැගීම
ගම්මුන්ට දැනුණේ ඉතා හෙමිනි. ටිකෙන් ටිකය.
ගැටලුවක්
ඇති වී ටික දිනකින් එය අමතක වීම මිනිසුන්ගේ ගතියකි. ගමේ ආරච්චිල මිය ගිය පසු පුංචිරාළ
ගමේ ආරච්චිල බවට පත්විය. එයද ගමේ විනාශයට හේතු විය. බබෙහාමිට නොදෙවනි පුංචිරාළ සිලිදුගේ
පවුලට කෙණෙහිලිකම් රැසක් කළ පුද්ගලයෙකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මිනිසුන්ට හිරිහැර
කරන අයෙක් ලෙස ගම්මු අතර ප්‍රචලිත මොහුට ගම්මු පියක් දක්වති.
ඉහත සදහන් කරුණු මගින් බැද්දේගම ගම ක්‍රමයෙන් අභාවයට යන
අයුරු පාඨකයාට දැනවීමට කතුවරයා උත්සාහ කර ඇත.