ලෙන අතහැර යාම
👍දරුවන්ගේ සුබ සිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පා දේවියගෙන් දසංකේතවත් වෙයි. පාඩම ඇසුරෙන් නිදසුන් සහිතව විමසන්න.
එදිරිවීර
සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යෙයන් උපුටා ගන්නා ලද කොටසක් ලෙන අතහැර යාම පාඩම
තුළින් අපට ඉදිරිපත් කර ඇත.සිංහබාහු තම මව සහ නැගණිය සමඟ උරුමය සොයාගෙන ලෙන අතහැර යාම
මෙම කොටසෙන් නිරෑපණය කෙරේ. සුප්පා දේවිය රජ සැප අතහැර ගල් ලෙනෙහි ජීවත් වන්නේ තම ස්වාමියාගේ
සෙනෙහෙබර බිරිඳ ලෙසිනි.දරුවන් දෙදෙනෙකු ලබන සුප්පා දේවිය මවක්,බිරිඳක් ලෙස ඉතා
සතුටින් කල් ගෙවයි.එහෙත් තම දරුවන් තරුණ වියට පත්වන්ම තම පුතු ඇයගෙන් අසන ප්‍රශ්න හමුවේ
අසරණ වේ.අවසානයේ තම දරුවන්ට සැබෑ තතු හෙළිකිරීමට සිතන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතන
මවක් ලෙසිනි.
"නෙකවර පුතු විසිනා
අසන ලද පැන නිසා
සුප්පා දේවි මනා
ඇතිවී සිත වෙහෙසා
සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා
දෙදෙනා කැදවාගෙන කීවා තතු මෙලෙසා"
තමාගේ
ස්වාමියාට තිබෙන ආදරය නිසා රජ සැප හැර දමා ගල්
ලෙනක ජීවත්වන බව දරුවන්ට පවසා සිටී.මේ බව ඇසූ සිංහබාහු ඉතා ආවේගකර තත්වයකට පත්වී
පියා හැරදා යාමට උත්සුක වෙයි.මේ තත්වය හමුවේ තමාගේ ස්වාමියා හැරදමා යාස්‍මට සුප්පා
දේවිය අකමැත්ත ප්‍රකාශ කරයි.
"ඔබ පියා හැර දමා යා හැකිද
මේ ලෙනෙන්
අප නැතිව පියා ඔබ ළය පැළී මැරී යයි"
තම
ස්වාමියාට ඇති ලෙන්ගතුකම මේ තුළින් පැහැදිලි වේ.සුප්පා දේවි සහ සිංහ සීවලී කොතෙක් අකමැති
වූවත් සිංහබාහු තමාගේ අභිමතය ඉෂ්ට කරගැනීමට ආවේගශීලී මානසිකත්වයෙන් කටයුතු කරයි.මේ
තත්වය හමුවේ අසරණ වන සුප්පා දේවිය දරුවන්ගේ යහපත වෙනුවෙන් තමාගේ ස්වාමියා හැරදමා යාමට
තම සිත හදාගනී.තම ස්වාමියවාගේ අණ නොතකා කටයුතු කිරීමෙන් සිදුවන්නට යන විනාශය හමුවේ
මං මුලාවන සුප්පා දේවිය අවසානයේ ලෙන හැර යාමට තීරණය කරයි.
"දරුවන් සන්දා කරනෙම් මෙබන්දා
සිහිවේ හැමකල් හද ශෝකෙන්"
ඇය
මහත් වේදනාවටත් ,කම්පාවටත් පත්වන්නීය.ඇය දරුවන්ට හා සැමියාට නොවෙනස්න ප්‍රේම කළාය.අවසානයේ
තම දරුවන්ගේ යහපත අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තම සෙනෙමෙබර ස්වාමියා අතහැර යාමට ඇය තීරණය
කළාය.කතුවරයා මෙම කොටස තුළ සුප්පා දේවිය සම්ප්‍රදායික කාන්තාවක ,මවක, බිරිදක ලෙස අපට පෙන්වා දෙයි.මෙම කරුණු තුළින්
සුප්පා දේවිය තම දරුවන්ට සෙනෙහෙබර මවක් මෙන්ම දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු
කරන මවක් ලෙස අපට හදුනාගත හැකිය.