butten

banner image

teligram channel

banner image

මුනි සිරිපා සිඹිමින්නේ

 


"චරිත සංවර්ධනයට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් මෙම නිර්මාණයේදී අපට හමුවේ."මෙම කියමන සාකච්ඡා තරන්න.

 

                     යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට පැමිණි එස්. මහින්ද හිමි ජාතික මෙහෙය  ඉටු කිරීමට තම පෑන මෙහෙයවයි.පරාධීනත්වයේ නපුර හා එහි විපාක මතු කිරීමට උන්වහන්සේ තුළ වූ ප්‍රතිභාව මෙම පද්‍යය පන්තිය තුළින් අපට හදුනාගත හැකිය.

               "කරදර දහසක් හමු           වී

                 ඉන්ටැකි නම් සිනා     වෙවී

                 ඔහු මෙලොවට පහළ  දෙවි

                 රජෙකැයි සලකනු    මැනවි"

            මෙම කවි පන්තියේ අන්තර්ගතය වන්නේ කෙතරම් කටුක බාධක තමන් වෙත පැමිණියත් එයින් කම්පා නොවී සැහැල්ලුවෙන් සිටිය හැකි නම් එය ඉතා අගනා බවයි.එවැනි ශක්තියක් ලැබීම මෙලොවම දේවත්වයක් ලැබීමක් වැනි බව කවියා පවසයි.දරුවා සමාජ ගත වීමේදී මානව ශක්තියක් අවධාරණය කිරීම  කවියාගේ අරමුණයි.බාල දරුවාගේ සමාජානුයෝජන කුසලතාව ඇති කිරීමයි.

                 "කාටත් හිමි පොදු දේ             නම්

                   නැති බැරි හිග              අවහිරකම්

                   මේ දේ මැඩගෙන             දස්කම්

                   පෑම තමයි සුරු                විරුකම්"

            සියලු මිනිසුන් කරා පැමිණෙන පොදු වූ ධර්මතාවයක් ලෙස නැති -බැරිකම් ,අග-හිගකම් ,අවහිර බාධාවන් හදුනාගත හැකිය.ඒවා විවිධ වූ ස්වරූපයෙන් බාධා එල්ල කරයි. මේවාට මුහුණ දිමට ඇති ශක්තිය අප තුල වර්ධනය කරගත යුතුය. එම බාධාවන් මැඩගෙන යහපත සොයා යන්නට හැකිනම් එය පුද්ගල පෞරුෂයේ ඇති සමත්කමයි. මෙම බාධක මැඩගෙන ඉදිරියට යා හැකි පුද්ගලයා සූරවීරයෙක් බව කියමින් චරිත සංවර්ධනයට මග පාදයි.

                     "මිතුරුකමින් පෙරට      එතොත්

                       දූවිල්ලක් එක්ක              වුණත්

                       මිතුරු වෙයන් පුතේ         උඹත්

                       එයයි ලොවේ ගුනය          මහත්"

              සතුරා වුවද මිත්‍රත්වයේ දෑත් දිගු කොට මිත්‍රත්වය අපේක්ෂා කරන්නේ නම් ඔහු පලවාහරින්න එපා යන පණිවුඩය ලබාදෙයි. දූවිල්ල යන වචනය තුළින් කවිය එය නිරන්තර බැහැර කරන දෙයක් නිසා භාවිත කර ඇති බව පෙනේ. "මිතුරු වෙයන් පුතේ" යන බැතෑපත් ආයාචනයක් ලෙස කවියා ඉදිරිපත්ු කර ඇත.එය දේශයේ අවශ්‍යතාවයට අනුව සිදුවිය යුත්තකි. එමෙන්ම එය දරුවාතේ පෞරුෂත්වයට අවශ්‍ය දෙයකි.

             මේ ආකාරයට පුද්ගල චරිත සංවර්ධනය කිරීමට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් අපට මෙම පද්‍ය පන්තිය තුළින් හමුවේ.

මුනි සිරිපා සිඹිමින්නේ මුනි සිරිපා සිඹිමින්නේ Reviewed by @edu pro on March 01, 2022 Rating: 5
Powered by Blogger.